විද්‍යාත්මක නාමය :- Hugrophila auriculata
ශාකය අයත් උද්භිද විද්‍යාත්මක කුලය:- ACANTHACEAE
ඉංග්‍රීසි නම :- Marsh Barbel
සංස්කෘත නම :- ඉක්ෂුර
දේශීය නම :- නීරමුල්ලිය/ කටුඉකිරිය
ආයුර්වේදයේ ශාක වර්ගීකරණය අනුව අයත් කුලය :- වාසා කුලය
පර්යාය නාම(භාවිත වන අනිකුත් නම්) :-
සංස්කෘත :- කෝකිලාක්ෂ, ඉක්ෂුර, ඉක්ෂුරක, ඉක්ෂුගන්ධා
හින්දි :-ගෝකුලකණ්ට, තාලමඛානා
බෙංගාලි :-කුලේඛාරා
ද්‍රවිඩ :-නීරුමුල්ලි
ප්‍රභේද:-
- නිල් පැහැයට හුරු මල් සහිත වර්ගය
- සුදු මල් සහිත වර්ගය (මෙය දුර්ලභය )
කෑමට ගත හැකි කොටස් :- පත්‍ර සහ නොමේරූ කඳ
වැවෙන ප්‍රදේශ :-
ඉන්දියවේ සහ ලංකාවේ කුඹුරු, වැව් ආදී ජලාශ්‍රිත ප්‍රදේශයන්හි වැවේ. වියලි කලාපයන්හි වර්ෂා සෘතුවේදී වැවේ. ග්‍රීෂ්ම සෘතුවේදී මැරී යයි.
ව්යවහාර්ය අංග (ආයුර්වේදීය ඖෂධ සඳහා යොදා ගන්නා කොටස්):-
මූල, පත්‍ර, බීජ, පංචාංගය, ක්ෂාර, භෂ්ම
රසායන සංයුතිය:-
කොලෙස්ටරොල් නම් උප ක්ෂාරයක් ඇත. ක්වාථයෙහි KCL හා K2SO4 අධික වශයෙන් විද්‍යමානය. ඒ නිසා මුත්‍රාකාරකය.
මැංගනීස් ලවණ හා ස්ථායී තෛලයද ඇත්තේය. බීජ වල කසාවන් ස්ථිර් තෛල සහ albuminoid ද අල්ප මාත්‍රාවක් ක්ෂාරද අන්තර්ගතය.
සංග්‍රහ-සංරක්ෂණ :-
ගසේ කටු සම්පුර්ණයෙන් වැඩුණු පසු ගස් උදුරා හොඳාකාර වියලා රුද්ධ භාජනයන්හි අසුරා තැන්පත් කළ යුතුයි. වාතාශ්රයෙහි තැබීමෙන් ගුණ හීන වේ.
මාත්‍රා :-
- මුල් කශාය හෝ ශීත කෂාය කර්ෂ 1/2- 3
- ඇට චූර්ණය කලං 1/2- 1
යෝග :-
- කෝකිලක්ෂ ක්ෂාරය (ශෝථ නිවාරක) , මාත්‍රාව මංචාඩි 7 1/2- 15 දක්වා, අනුපාන ගෝමූත්‍ර/ ජලය
- ඉක්ෂුර-අර්ජුන තරල සාරය (හෘද් රෝහ, මූත්‍ර කෘච්ඡ්‍ර, වෘක්ක රෝගයන්හි යෙදේ.) මාත්‍රාව බිංදු 60-120 (මි.ලී 4-8 දක්වා)
- ඉක්ෂුර ලේපය (පත්‍ර ප්‍රලේපය) ශෝථයෙහි යෙදේ.
- කෝකිලක්ෂ බීජ චූර්ණය (වාජීකර) ඉකිරි ඇට සහ වඳුරු මෑ ඇට චූර්ණය සීනි සහ දාරෝෂ්ණ දුග්ධ සමඟ
ප්‍රතිනිධි :-ඩිජිටාලිස් වෙනුවට ප්‍රතිනිධියක් වශයෙන් යෙදිය හැක.
රස - මධුර, අම්ල, තික්ත
වීර්ය- ශීත
විපාක - මධුර
ප්‍රභාව (විශිෂ්ටත්වය ) - මුල් මෙන්ම ඇටද විශේෂ මූත්‍රල ප්‍රභාවයෙන් යුක්තයි.
දෝෂානුරූප කර්ම:- වාත පිත්ත ශාමකයි.
ව්‍යූහගත කර්ම (එක් එක් පද්ධතිය කෙරෙහි ඇති බලපෑම):-
- නාඩි ව්‍යූහය (ස්වසන පද්ධතිය) -
- ඇට නාඩිබල්යයි (ස්නායු ප්‍රබෝධමත් කරයි)
- අන්න පචන ව්‍යූහය (ආහාර ජීර්ණ පද්ධතිය) -
- අනුලෝමන
- යකෘත් උත්තේජක (අක්මාව උත්තේජනය කරයි )
- රක්ත සංවහන (රුධිර සංසරණ පද්ධතිය) -
- ශෝණිතාස්ථාපන (රුධිරයේ තත්වය උසස් කරයි)
- ප්‍රජනන ව්‍යූහය (ප්‍රජනන පද්ධතිය ) -
- ඇට වෘෂ්‍යයි
- සන්තර්පණයි
- මූත්රණ ව්‍යූහ (බහිස්ස්‍රාවී පද්ධතිය) -
- මුල්, ඇට සහ කොළ මූත්රලයි.(මුත්‍රා ඇතිකිරීමේ හැකියාව සහිතයි)
ප්‍රයෝග :-
- දෝෂ ප්‍රයෝග -
- වා පිත් දෙකින් උපදනා තෘෂ්ණා, දාහ වැනි ලෙඩ වලදී යොදා ගනු ලබේ.
- නාඩි ව්‍යූහය (ස්වසන පද්ධතිය)-
- නාඩි දෞර්බල්‍ය (ස්නායු දුර්වල වීම)
- වාත ව්‍යාධි (වාත රෝග)
- ආමවාත
- යන මේවා විෂයෙහි බීජ ප්‍රයෝගය ඉෂ්ටය.
- අන්න පචන ව්‍යූහය (ආහාර ජීර්ණ පද්ධතිය) -
- කාමලා (හෙපටයිටිස්)
- යකෘතෝදර
- යකෘතයේ අවරෝධ ජනිත ශෝථ (අක්මාවේ අවරෝධ නිසා ඇතිවන ඉදිමුම්)
- පිත්තාතීසාර (පිත ප්රමුඛ වීමෙන් ඇතිවන අතීසාරය)
- ආනාහ
- යන මේවයෙහිදී මුල් හා කොළද ජලෝදරයේදී ක්ෂාරයද ප්‍රවාහිකාවේදී ඇටද ප්‍රයෝග කළ හැකිය.
- රක්ත සංවහන (රුධිර සංසරණ පද්ධතිය) -
- රක්තපිත්ත
- වාත රක්ත
- රක්තාල්පතා (නීරක්තිය)
- යන මේවායෙහිදී උපයෝගී වෙයි.
- කැස්සේදී මෙන්ම වාතරක්තයේදීද පත්‍ර ශාකය (කොළපලාව ) කෑමට දිය හැකිය.
- ශෝථයේදී මූලක්වාථයද (ගෝ මූත්‍ර සහිතව ) පංචාංග ක්ෂාරයද යොදනු ලැබේ.
- ප්‍රජනන ව්‍යූහය (ප්‍රජනන පද්ධතිය ) -
- ශුක්‍ර දෞර්බල්‍ය (ලිංගික දුබලත්වය)
- ක්ලෛව්ය (ජනනේන්ද්‍රිය විකාර )
- ස්තන්‍ය ක්ෂය (මව්කිරි නැති වීම)
- යන මේවාට බීජ චූර්ණය හිතයි.
- මූත්රණ ව්‍යූහ (බහිස්ස්‍රාවී පද්ධතිය) -
- මූත්‍ර කෘච්ඡ්‍ර (මුත්‍රා ස්වල්ප වශයෙන් පිටවීම)
- අශ්මරී (වකුගඩු ගල්)
- වස්තිශෝථ
- යන මේවාහිදී මුල්, කොළ, ඇට යන මේවා ප්‍රයෝග කරනු ලැබේ.
- පංචාංග ක්ෂාරය මූත්‍ර කෘච්ඡ්‍ර ,අශ්මරී යන දෙකෙහිම යෙදිය හැක.
මාත්‍රා :-
- පංචාංග ස්වරසය- තෝලා 2-5
- මූල ක්වාථය- තෝලා 4
- බීජ චූර්ණය - මාෂක 2-4
- ක්ෂාරය - රක්තිකා 2-5
- භෂ්මය - මාෂක 1-2
ආමයික ප්‍රයෝග (භාවිත කරන රෝග අවස්ථා):-
- අශ්මරි (වකුගඩු වල ගල් සෑදීම) -
- ගොකටු, ඉකිරි, එරඬු යන තුන් වර්ගයේ මුල් වල චූර්ණය (හොඳින් කුඩු කරගත් ඖෂධ) කිරි සමඟ බීම
- වාජීකරණයට -
- වඳුරු මෑ ඇට , ඉකිරි ඇට, සීනි යන යෝගය ධාරෝෂ්ණ සමඟ බීම
- උදරය වේදනාවට -
- එරබදු, ඉකිරි, කරල් සැබෝ යන මේවායේ ක්ෂාරය තල තෙල් සමඟ බීම
- සුඛ ප්‍රසවයට (පහසුවෙන් දරු ප්‍රසූතිය සිදුවීමට) -
- ඉකිරි මුලක් සීනි සමඟ විකා (සපා ) එයින් කන පිරවීමෙන් සුඛ ප්‍රසූතිය සිදුවේ.
තොරතුරු ගත්තේ මේ වෙබ් අඩවියෙන් සහ ආයුර්වේද ඖෂධ සංග්‍රහය 2,3 කොටස් වලින්
No comments:
Post a Comment